Monday, June 19, 2017

120 දෙනෙකු නිරුවතින් මෙම විරෝධතාවට සහභාගී වී ඇත්තේ අවධානය වැඩි කර ගැනීමටයි.


ආජන්ටිනාවේ 100 කට වැඩි කාන්තාවන් පිරිසක් නිරුවතින්  උද්ඝෝණයක් ආරම්භ කළ  පුවතක් වාර්තා වුණා.

මෙම උපවාසය ආජන්ටිනා අගනුවර වන බුවනොස් අයරීස් හී ජනාධිපති මන්දිරිය ඉදිරිපිට  පැවැත් වුණි.

කාන්තා හිංසනය වැළැක්වීමේ අරමුණෙන් මෙම උද්ඝෝණය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට සෑම පැය 25 කට සැරයක් කාන්තා හිංසනය හේතුවෙන් එක් කාන්තාවක්  මිය යන බව මොවුන් පව‍සනවා.

මෙය මාරාන්තික උපවාසයක් බවද පවසා ඇති අතර, මොවුන්ගේ මීළග උපවාසය ජුනි 03 වනදා නැවත ආරම්භ කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, මහලු කාන්තාවන්ද වීරෝධතාවට මෙලෙස එක්ව සිටි ඇති අතර කාන්තා හිංසනයට එරෙහිව නැගී සිටින බව ඇතැම් කාන්තාවන් ප්‍රකාශ කර ඇත.

මොවුන්ගේ සංවිධානය Artistic Force of Communicative Shock (FACC) වන අතර 120 දෙනෙකු නිරුවතින් මෙම විරෝධතාවට සහභාගී වී ඇත්තේ අවධානය වැඩි කර ගැනීමටයි. එරට විදෙස් මාධ්‍ය වල සහ සමාජ වෙබ් අඩවි වලද මෙම සිද්ධිය බොහෝ කැළඹීමකටද ලක්ව තිබුණා.




0 comments:

Post a Comment


Top